Sri Lanka University Games (SLUG) – 2025
- September 12, 2025
- Rjt664
- 0

Sri Lanka University Games (SLUG) – 2025
It is with great pride that the Rajarata University of Sri Lanka hosts the 15th Sri Lanka University Games (SLUG) 2025 for the very first time. SLUG is Sri Lanka’s largest and most prestigious university-level sporting event, organized under the guidance of the University Grants Commission (UGC) in collaboration with the Sri Lanka University Sports Association (SLUSA). This nationally significant event was first hosted in 1980 by the University of Peradeniya. This is an event conducted in alignment with Olympic standards and traditions to promote sports and physical education for the harmonious development of universities and foster a peaceful society. This year, it will bring together over 5,000 athletes and officials from all state universities under the University Grants Commission, with an estimated 30,000+ attendees from across the country at Rajarata University of Sri Lanka.
The games officially commenced on 04th September, 2025 and are being held across five main venues including the main sports complex of the university up to 21st September, 2025. Approximately 24 championship events across 40 disciplines will be held throughout the games.
The event was ceremonially inaugurated with the participation of Hon. Speaker of the Parliament of Democratic, Socialist, Republic of Sri Lanka and the closing ceremony will be graced by the Hon. Prime Minister.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙල (SLUG) 2025
ශ්‍රි ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙි (UGC) මාර්ගෝපදේශ යටතේ, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙල (SLUG) 2025 සංවිධානය කිරීමේ ගෞරවය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය විසින් මහත් ආඩම්බරයකින් භාර ගෙන ඇත. වසර තුනකට වරක් පැවැත්වෙන මෙම ගෞරවනීය ක්‍රීඩා සැණකෙළිය 1980 දී පළමු වරට පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් ආරම්භ කරන ලද අතර, ඔලිම්පික් ක්‍රීඩා ප්රමිතීන් හා තරග සම්ප්‍රදායන් සමග වඩා වර්ධනය කර ගනිමින් පවත්වාගෙන යයි.
මෙම ක්‍රීඩා උත්සවය 2025 සැප්තැම්බර් 4 වන දින නිල වශයෙන් ආරම්භ වන අතර, 2025 සැප්තැම්බර් 21 වන දින අවසන් වීමට නියමිතය. සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අග්‍රාමාත්‍යතුමිය සහභාගී වනු ඇත.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙල යනු ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් අභිමාණීය අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උත්සවයයි. ඒ සදහා ක්‍රිඩා තරග ඉසවු 24 ක් හා ශූරතාවලි 40ක් සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශ්‍රි ලංකාවේ ජාතික විශ්වවිද්‍යාලයන් වන කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය ,යාපනය විශ්වවිද්‍යාලය රුහුණු විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ,නැගෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, දෘශ්‍ය හා රංගන කලා විශ්වවිද්‍යාලය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය, තාක්ෂණ ආයතනය මොරටුව විශ්වවිද්‍යාලය, සහ ශ්‍රී ලංකාව වවුනියාව විශ්වවිද්‍යාලයන්හි තරග කරුවන් තරග වදී.
ක්‍රිඩකයන්ගේ දක්ෂතා හා සෙෘඛ්‍ය සම්පන්න ආදර්Yh ජාතික මට්ටමට පිලිගැනෙන වේදිකාවක් මෙම ක්‍රිඩා උළෙල තුලින් ලැබේ. රජරට විශ්වවිද්‍යලය සත්කාරක විශ්වවිද්‍යාලය ලෙස කටයුතු කරන අතර සංවිධාන කටයුතු ක්‍රිඩා පහසුකම් ඇතුළු ක්‍රිඩකයන්ට සුහදශීලි පරිසරයක් සුදානම් කර ඇත.
එය රාජ්‍ය විශ්වවිද්‍යාල අතර ක්‍රීඩාශීලීත්වය, සමගිය හා විශිෂ්ඨත්වය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබයි. රටේ මුළු දේශපාලන, සමාජ හා අධ්‍යාපන වටපිටාව තුළ වැදගත් බවක් දක්වන මෙම උළෙල සඳහා දිවයින පුරා සිටින ජාතික විශ්වවිද්‍යාලවලින් පැමිණෙන ශිෂ්‍ය ක්‍රිඩකයන් හා නිලධාරීන් 7000ක් එක්වීමෙන් තරගා 24ක් ශූරතා 40ක් සදහා තරග සංවිධානය කරනු ලබයි. මෙම තරගාවලිය රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණය ඇතුළු ස්ථාන 5කදී පැවැත්වීමට මේ වන විට කටයුතු යොදා ඇති අතර, ඒ සදහා ප්‍රේක්ෂකයින් 30,000කට අධික පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරමු.
සමාරමිභක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙි ගරු කථානායකතුමා සහභාගී වන අතර සෙසු ආරාධිත අමුත්තන් ලෙස ගරු උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙි සභාපතිතුමා සහ උප සභාපතිතුමා, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපතිතුමා, සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්, සියලු විශ්වවිද්‍යාලවල ශාරීරික අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ ක්‍රීඩා උපදේශක මණ්ඩලවල සභාපතිවරුන් ඇතුළු විශ්වවිද්‍යාල කාර්h මණ්ඩලය සහභාගී වීමට නියමිතය.
මෙම විශිෂ්ඨ උත්සවය ශ්‍රිලංකාවෙි උසස් අධ්‍යාපන කේෂත්රය නව උන්නතියකට ගමන් කිරිමට වැදගත් වනු ඇත.